ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

ශීලා Sheela


බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවි මගෙ ගී යාවි...
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ...


මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ...
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ...
තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි....


ලොවම නැවතිලා, නිහඩයි වටේ..
තනිකම පාළුව දැවටී වතේ..
දුරකතනයකින් ඔබ අමතාවී,
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ...

මා හට සැරවීලා......



තනිවුනු යහනට එනවිට තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබෙ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා....
එවීදෝ....
එවීදෝ....
එවීදෝ.... මාගේ කුමාරී...

මා හට සැරවීලා......



ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඔබ යළි ඒවීදෝ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ...
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
මා සැමදා තනිවේ දෝ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරි....


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R