ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

දඟගෙයි ඳඩුවම් Dangagei Danduwam


දඟගෙයි ඳඩුවම් සියුමැලි වැඩිනම්
අලුගෝසුවනේ එල්ලාපන්
අලුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්...

යුක්තිය උදෙසා කෑ මොර දීමයි //
දඟගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැඳ එකෙකු නසන කල,
දනිවු සුවහසක් තව උපදින බව...

දඟගෙයි ඳඩුවම්....


වරදට එරෙහිව අවි ඔසවන්නේ //
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ,
පිටකොඳු බිඳගත් ඔල මොල නිවටුන්...

දඟගෙයි ඳඩුවම්....

සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R