ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

රෝස පුරාණෙට Rosa Puraneta


රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුනා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුනා
ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත ආදර හැඟුමින් පිරුනා



මල්සර කුමරුනි දිනය උදාවුනි එකම ලොවක අප රැඳෙනා
මතු දිවිය සදාකල් මා ඔබ ලඟමය එකම සිතක අප රැඳෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුනා




ජීවිතේ පැතුම් පුරන්න, මා ළඟින් රැදෙන්න, ඉන්න.. සිහින සැබෑ වෙනවා....
මල් වසන්තයේ හිඳින්න, මා ළඟින් සුවේ ලබන්න.. දිවියම සැනසෙනවා..
මදු සඳ හිනැහෙනවා...
දෙසිතම සැනසෙනවා...


රෝස පුරාණෙට.....


වාසනා ලබන්න ඔන්න ආදරෙන් ළඟින්ම ඉන්න.. සොඳුරු ප්‍රියාදරියේ...
මා වෙතින් දුරස් නොවන්න ආදරෙන් සදා හිඳින්න.. දිවියම සැනසෙන්නේ...
සෙනෙහස පුද දෙනවා...
සඳ තරු දිවුරනවා...


රෝස පුරාණෙට...
ආදර හැඟුමින් පිරුනා....
ඔබ තුරුලේ මා රැඳුනා....


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R