ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

බෙත්ලෙහෙම් පුරේ Bethlehem Pure

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිළින්දා
ජේසු බිළින්දා....



ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
අඳුර මැදින් එළිය මවයි ජේසු බිළින්දා
ජේසු බිළින්දා.....

බෙත්ලෙහෙම් පුරේ....

නිරිඳුන් තිදෙනා තරුවෙන් දිළෙනා //
මඟ අහගෙන යති දැක්මට ජේසු බිළින්දා
ජේසු බිළින්දා....

බෙත්ලෙහෙම් පුරේ....

සත වෙත කරුණා පිණිදිය ගලනා //
මුතු උල්පත පාදා දුනි ජේසු බිළින්දා
ජේසු බිළින්දා....

බෙත්ලෙහෙම් පුරේ.... සාමෙ රජින්ඳා....


සිංදුව මෙතනින් බාගත කරගන්න

කොළොම්තොට නැත Kolomthota Natha



කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා, බලන් කැඩපත සොඳුරියේ


කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ, පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා


කොළොම්තොට නැත....


පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ, කුමන අරුමද නරකෙසක් නැඟිලා


කොළොම්තොට නැත....


සිංදුව මෙතනින් බාගත කරගන්න

රෝස පුරාණෙට Rosa Puraneta


රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුනා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුනා
ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත ආදර හැඟුමින් පිරුනා



මල්සර කුමරුනි දිනය උදාවුනි එකම ලොවක අප රැඳෙනා
මතු දිවිය සදාකල් මා ඔබ ලඟමය එකම සිතක අප රැඳෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුනා




ජීවිතේ පැතුම් පුරන්න, මා ළඟින් රැදෙන්න, ඉන්න.. සිහින සැබෑ වෙනවා....
මල් වසන්තයේ හිඳින්න, මා ළඟින් සුවේ ලබන්න.. දිවියම සැනසෙනවා..
මදු සඳ හිනැහෙනවා...
දෙසිතම සැනසෙනවා...


රෝස පුරාණෙට.....


වාසනා ලබන්න ඔන්න ආදරෙන් ළඟින්ම ඉන්න.. සොඳුරු ප්‍රියාදරියේ...
මා වෙතින් දුරස් නොවන්න ආදරෙන් සදා හිඳින්න.. දිවියම සැනසෙන්නේ...
සෙනෙහස පුද දෙනවා...
සඳ තරු දිවුරනවා...


රෝස පුරාණෙට...
ආදර හැඟුමින් පිරුනා....
ඔබ තුරුලේ මා රැඳුනා....


සිංදුව මෙතනින් බාගත කරගන්න

ක්‍රිකට් ලෝක කුසලාන ගීතය Cricket World Cup Song

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි
යකඩ බෝල දෙකට පලයි
එක පාරක් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ...


ජයවර්ධන ජය මග පෙන්යි
සංගේ අපේ ලෝකෙම හොල්ලයි
ජයසූරිය ජය කොඩි නංවයි
අතපත්තූ වැඩේ පත්තු කරයි...


මුත්තයියට මුළු ලොවම බයයි
චමින්ද වාස් විකට් පොලු ගලවයි
දිල්හාරයි, ලසිත් මාලිංගයි
එවන පන්දු වෙඩි සැර පරදයි...


ශ්‍රී ලංකා කොල්ලෝ.....
ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා...



උපුල් සමඟ චාමර සිල්වයි
තිලකරත්න, මහරූෆ් නියමයි
ආ(ර්)නෝල් ඩයි, බංඩයි සෙට් වෙයි
ෂුවර් තමයි කප් එක උස්සයි...


වාද බේද හැම අත් හරිමු
එක කොඩියක් යට එකතු වෙමු
එකම සිතින් ජය හඬ නගමූ
ලංකාවට අපි ජය පතමු...




ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා කොල්ලෝ.....  //


සිංදුව මෙතනින් බාගත කරගන්න

ඔබ මගේ වෙලා Oba Mage Wela


ඔබ මගේ වෙලා, මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා, ආදරෙයි කියා..
සඳ මඬළ වෙලා, තරු ළඟට වෙලා
කියා දෙන්න ආදරේ කියා.....
කියා දෙන්න ආදරෙයි කියා....


මල් පිහාටුවක් නෙළලා
නිල් වරල සරසලා
හිතපුරාම ආදරේ අරන්, කියා දෙන්න ජීවිතේ තරම්..
කියා දෙන්න ජීවිතේ තරම්..
ඔබ මගේ වෙලා, මගෙ ළඟට වෙලා...


තුනු විලම මලින් සරසා
මල් විලම කළඹලා
ඔබ එනවද ජීවිතේ අරන්, කියාදෙන්න ආදරේ තරම්..
කියාදෙන්න ආදරේ තරම්..


ඔබ මගේ වෙලා, මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා, ආදරෙයි කියා..
සඳ මඬළ වෙලා, තරු ළඟට වෙලා
කියා දෙන්න ආදරේ කියා.....
කියා දෙන්න ආදරෙයි කියා....


සිංදුව මෙතනින් බාගත කරගන්න

දඟගෙයි ඳඩුවම් Dangagei Danduwam


දඟගෙයි ඳඩුවම් සියුමැලි වැඩිනම්
අලුගෝසුවනේ එල්ලාපන්
අලුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්...

යුක්තිය උදෙසා කෑ මොර දීමයි //
දඟගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැඳ එකෙකු නසන කල,
දනිවු සුවහසක් තව උපදින බව...

දඟගෙයි ඳඩුවම්....


වරදට එරෙහිව අවි ඔසවන්නේ //
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ,
පිටකොඳු බිඳගත් ඔල මොල නිවටුන්...

දඟගෙයි ඳඩුවම්....

සිංදුව මෙතනින් බාගත කරගන්න

මැණික් අප්සරාවී Manika Apsaravi


මගෙ මැණික් අප්සරාවී,
විඳවන්න පුලුවන්ද මට මේ තරම්...
හිත හැඬුම් නෑ, නෙත නින්ද නෑ...
සිහිනෙන් ඔබ මට පෙනෙනවා, මගෙ මැණික් අප්සරාවී //


තාරකා ඇස් ඇහිරෙමින්, ඔබ සොයනවා
මඟ ගෙවනවා...
ඔබේ දෙපාමුල පුද දිදී, සුවඳ මල් තව පිපෙනවා...
විඳගන්න මට මගේ ජීවිතේ,
කියා දෙනවද ආදරේ...


මගෙ මැණික් අප්සරාවී..


නෙලා ගන්නට බැරි දුරින්, ඔබ හිනැහුනා මම වැළපුනා
ඔබේ කඳුලු බිඳුවට පින් දිදී මම,
මිරුඟු දිය බොනවා...
විඳගන්න මට මගේ ජීවිතේ,
කියා දෙනවද ආදරේ...


මගෙ මැණික් අප්සරාවී..
මගෙ මැණික් අප්සරාවී.....


සිංදුව මෙතනින් බාගත කරගන්න

ඇරඹුමම කඳුළක් වෙලා Arabumama Kandulak Wela



ඇරඹුමම කඳුළක් වෙලා, මා බලා ඉද්දී ඒ දිහා...
ආ දුරත් දුර වැඩි නිසා, අවසානයට පෙර ඈ ගියා... //


දුක්බරම කවියක් ලියා, එහි පද පෙළක් අඩුවෙන් තියා... //
අරුත පසිදින්නට කියා, අවසානයට පෙර ඈ ගියා...


ශෝකාන්තය එන තුරා, එහි රැඳෙන්නට සිත් නැති නියා... //
අනන්තය ළඟ මා දමා, අවසානයට පෙර ඈ ගියා...


ඇරඹුමම කඳුළක් වෙලා, මා බලා ඉද්දී ඒ දිහා...
ආ දුරත් දුර වැඩි නිසා, අවසානයට පෙර ඈ ගියා... //


සිංදුව මෙතනින් බාගත කරගන්න

ශීලා Sheela


බැලු බැලු හැම තැනම සිහිනෙන් වාගේ
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවි මගෙ ගී යාවි...
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ...


මා හට සැරවීලා, කොහෙදෝ යන්නේ මෙසේ...
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ...
තනිවීලා මා ඉන්නේ කෙසේ, ඒවීදෝ මාගේ කුමාරි....


ලොවම නැවතිලා, නිහඩයි වටේ..
තනිකම පාළුව දැවටී වතේ..
දුරකතනයකින් ඔබ අමතාවී,
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ...

මා හට සැරවීලා......



තනිවුනු යහනට එනවිට තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබෙ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා....
එවීදෝ....
එවීදෝ....
එවීදෝ.... මාගේ කුමාරී...

මා හට සැරවීලා......



ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඔබ යළි ඒවීදෝ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ...
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
මා සැමදා තනිවේ දෝ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරි....


සිංදුව මෙතනින් බාගත කරගන්න

නිල් සඳ මඬළ Nil Sandamadala


තනි රැක්ක, තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා...


කංතාරුවක රිද්මේ රැඳී..
ගී පිරිතක් විඳී ජීවිතේ..
නිල් සඳ මඬළේ පලසේහි වේ..
ඔබෙ ආදරය පින්තාරු වේ...


කංතාරුවක රිද්මේ රැඳී..
ගී පිරිතක් විඳී ජීවිතේ..
ඔබෙ ආදරය පින්තාරු වේ...


ඔබ නිදනා තුරු පපු'තුරේ
සුවඳ දේ සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ //


සිංදුව මෙතනින් බාගත කරගන්න

බිඳී ගිය සෙනේහේ Bindigiya Senehe


බිඳී ගිය සෙනේහේ, යදී ඈ ජීවිතේ...
මල් තලා රොන් උරා ඉගිල ගිය බඹරුනේ,
ඉගිල ගිය බඹරුනේ....


ඈ සිටී මේ ලොවේ සොඳුරු බව පුදකළා...
කුරිරු සිතින් ලොවේ ජීවිතෙ බොඳ කළා,
ජීවිතෙ බොඳ කළා...



බිඳී ගිය සෙනේහේ.....

පිපි කුසුම් ගත දරා, හිරු නැගේ හෙට දිනේ...
රොන් උරා මල් තලා යනු එපා බඹරුනේ,
යනු එපා බඹරුනේ...


සිංදුව මෙතනින් බාගත කරගන්න

දිවුරාලා පවසන්න Diwrala Pawasanna


දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්..
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නේ කාටත්...


හිරු මල් දෑතේ සඟවා, වළා රොදක නැගිලා, සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා...
ඔබේ ඔය සිනාවේ, රැඳී ඉන්න සසරේ, මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ...


සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා..
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා...
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා..
කෝ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා...


Rap (Amila)


හිරු මල් දෑතේ සඟවා......


සිංදුව මෙතනින් බාගත කරගන්න
 



Copyright © 2009 ගීතය |by Ashan.R