ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

ක්‍රිකට් ලෝක කුසලාන ගීතය Cricket World Cup Song

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි
යකඩ බෝල දෙකට පලයි
එක පාරක් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ...


ජයවර්ධන ජය මග පෙන්යි
සංගේ අපේ ලෝකෙම හොල්ලයි
ජයසූරිය ජය කොඩි නංවයි
අතපත්තූ වැඩේ පත්තු කරයි...


මුත්තයියට මුළු ලොවම බයයි
චමින්ද වාස් විකට් පොලු ගලවයි
දිල්හාරයි, ලසිත් මාලිංගයි
එවන පන්දු වෙඩි සැර පරදයි...


ශ්‍රී ලංකා කොල්ලෝ.....
ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා...



උපුල් සමඟ චාමර සිල්වයි
තිලකරත්න, මහරූෆ් නියමයි
ආ(ර්)නෝල් ඩයි, බංඩයි සෙට් වෙයි
ෂුවර් තමයි කප් එක උස්සයි...


වාද බේද හැම අත් හරිමු
එක කොඩියක් යට එකතු වෙමු
එකම සිතින් ජය හඬ නගමූ
ලංකාවට අපි ජය පතමු...




ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා කොල්ලෝ.....  //


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R