ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

මැණික් අප්සරාවී Manika Apsaravi


මගෙ මැණික් අප්සරාවී,
විඳවන්න පුලුවන්ද මට මේ තරම්...
හිත හැඬුම් නෑ, නෙත නින්ද නෑ...
සිහිනෙන් ඔබ මට පෙනෙනවා, මගෙ මැණික් අප්සරාවී //


තාරකා ඇස් ඇහිරෙමින්, ඔබ සොයනවා
මඟ ගෙවනවා...
ඔබේ දෙපාමුල පුද දිදී, සුවඳ මල් තව පිපෙනවා...
විඳගන්න මට මගේ ජීවිතේ,
කියා දෙනවද ආදරේ...


මගෙ මැණික් අප්සරාවී..


නෙලා ගන්නට බැරි දුරින්, ඔබ හිනැහුනා මම වැළපුනා
ඔබේ කඳුලු බිඳුවට පින් දිදී මම,
මිරුඟු දිය බොනවා...
විඳගන්න මට මගේ ජීවිතේ,
කියා දෙනවද ආදරේ...


මගෙ මැණික් අප්සරාවී..
මගෙ මැණික් අප්සරාවී.....


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R