ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

ඇරඹුමම කඳුළක් වෙලා Arabumama Kandulak Wela



ඇරඹුමම කඳුළක් වෙලා, මා බලා ඉද්දී ඒ දිහා...
ආ දුරත් දුර වැඩි නිසා, අවසානයට පෙර ඈ ගියා... //


දුක්බරම කවියක් ලියා, එහි පද පෙළක් අඩුවෙන් තියා... //
අරුත පසිදින්නට කියා, අවසානයට පෙර ඈ ගියා...


ශෝකාන්තය එන තුරා, එහි රැඳෙන්නට සිත් නැති නියා... //
අනන්තය ළඟ මා දමා, අවසානයට පෙර ඈ ගියා...


ඇරඹුමම කඳුළක් වෙලා, මා බලා ඉද්දී ඒ දිහා...
ආ දුරත් දුර වැඩි නිසා, අවසානයට පෙර ඈ ගියා... //


සිංදුව මෙතනින් බාගත කරගන්න

No comments:

Post a Comment

මොනවහරි ඉතිං හිතෙන දෙයක් කියල යන්න...

 



Copyright © 2009 ගීතය |by Ashan.R