ගීතයක රසය විඳගන්න ඔබත් එක්වන්න

බෙත්ලෙහෙම් පුරේ Bethlehem Pure

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිළින්දා
ජේසු බිළින්දා....



ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
අඳුර මැදින් එළිය මවයි ජේසු බිළින්දා
ජේසු බිළින්දා.....

බෙත්ලෙහෙම් පුරේ....

නිරිඳුන් තිදෙනා තරුවෙන් දිළෙනා //
මඟ අහගෙන යති දැක්මට ජේසු බිළින්දා
ජේසු බිළින්දා....

බෙත්ලෙහෙම් පුරේ....

සත වෙත කරුණා පිණිදිය ගලනා //
මුතු උල්පත පාදා දුනි ජේසු බිළින්දා
ජේසු බිළින්දා....

බෙත්ලෙහෙම් පුරේ.... සාමෙ රජින්ඳා....


සිංදුව මෙතනින් බාගත කරගන්න

කොළොම්තොට නැත Kolomthota Natha



කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා, බලන් කැඩපත සොඳුරියේ


කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ, පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා


කොළොම්තොට නැත....


පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ, කුමන අරුමද නරකෙසක් නැඟිලා


කොළොම්තොට නැත....


සිංදුව මෙතනින් බාගත කරගන්න

රෝස පුරාණෙට Rosa Puraneta


රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුනා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුනා
ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත ආදර හැඟුමින් පිරුනා



මල්සර කුමරුනි දිනය උදාවුනි එකම ලොවක අප රැඳෙනා
මතු දිවිය සදාකල් මා ඔබ ලඟමය එකම සිතක අප රැඳෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුනා




ජීවිතේ පැතුම් පුරන්න, මා ළඟින් රැදෙන්න, ඉන්න.. සිහින සැබෑ වෙනවා....
මල් වසන්තයේ හිඳින්න, මා ළඟින් සුවේ ලබන්න.. දිවියම සැනසෙනවා..
මදු සඳ හිනැහෙනවා...
දෙසිතම සැනසෙනවා...


රෝස පුරාණෙට.....


වාසනා ලබන්න ඔන්න ආදරෙන් ළඟින්ම ඉන්න.. සොඳුරු ප්‍රියාදරියේ...
මා වෙතින් දුරස් නොවන්න ආදරෙන් සදා හිඳින්න.. දිවියම සැනසෙන්නේ...
සෙනෙහස පුද දෙනවා...
සඳ තරු දිවුරනවා...


රෝස පුරාණෙට...
ආදර හැඟුමින් පිරුනා....
ඔබ තුරුලේ මා රැඳුනා....


සිංදුව මෙතනින් බාගත කරගන්න
 



Copyright © 2009 ගීතය |by Ashan.R